පාසලේ ඉතිහාසය

inner-slide3.jpeg
inner-slide3.jpeg

සෙනරත් පරණවිතාන විද්‍යාලය ආරම්භ වූයේ 1867 අගෝස්තු මාසයේදීය .කීර්තිමත් ඉතිහාසයක් ඇති අපගේ පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ඉංග්‍රීසි විදුහල ලෙස ආරම්භ වී වර්තමානයේ සෙනරත් පරණවිතාන ජාතික පාසල ලෙස හඳුන්වා ඇත.අප පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වන්නේ සී. බී .ඒබ්‍රහම් මහතාය.මෙරට ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කරන ප්‍රථම පාසල වූයේ උඩුගම්පල ඉංග්‍රීසි විද්‍යාලයයි. ඉන් කලකට පසු අප පාසල උඩුගම්පල ද්විභාෂා විද්‍යාලය ලෙසද පරිවර්තනය වී ඇත.ඒ වගේම මෙරට පළමු සිංහල පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සුවිශාල සේවයක් ඉටු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විදුහල්පතිවරයා බවට මෙම පාසලේදී පත්විය.1958 වර්ෂයේදී අප පාසල මහා විද්‍යාලයක් බවටද පත් වී  1996 වර්ෂයේ අප පාසල ජාතික පාසලක් බවට පත්වී ඇත.  

 

 

ආරම්භ කළ වර්ෂය

1867 අගෝස්තු

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

06 කි

පාසලේ ආදි කතෘගේ නම

සී. බී .ඒබ්‍රහම් මහතාය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මිනු/සෙනරත් පරණවිතාන විද්‍යාලය (ජාතික පාසල)

පාසල රජයට පවරාගත් දිනය

1958 වර්ෂයේදී

පාසල පැවැත්වූ ස්ථානය

මිනුවන්ගොඩ , උඩුගම්පල

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 -1867 අගෝස්තු 01